මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්
2024 මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සපුරා ඇති නමුත් පසුගිය ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් යොමු කළ සියලුදෙනා මහ මැතිවරණයට යළි අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අදාල අයදුම්පත් ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කරන ස්ථානවලින් හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් නොමිලේ ලබාගත හැකිය. මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන http://www.elections.gov.lk වෙත පිවිසීමෙන් ද ඒවා බාගත කර ගැනීමේ හැකියාව පවතී. මේ දක්වා තැපැල් ඡන්ද අයදුම්පත් භාරදීමට නොහැකි වූ පිරිසට අදාළ අයදුම්පත් සම්පූර්ණ කර ළඟම පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත භාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි. ඉන් පසු ලැබෙන අයදුම්පත් සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
මේ අතර කායික දුබලතා ඇති තැනැත්තන්ට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ඡන්දය භාවිත කිරීමට යාම සඳහා ප්‍රවාහන පහසුකම් අවශ්‍ය නම් ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව ලබන 19 වැනිදාට පෙර ඊට අදාල අයදුම්පත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරියා වෙත ඉදිරිපත් කළ යුතුය. එම නිලධාරියා සෑහීමකට පත් වන්නේ නම් අදාළ තැනැත්තාට විශේෂ ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සඳහා අවසර පත්‍රයක් නිකුත් කළ හැකිය. අයදුම්පත් ඉදිරිපත් කරන තැනැත්තා තමාට පොදු වාහනයකින් හෝ පා ගමනින් ඡන්ද පොළට යාමට නොහැකි බවට තහවුරු කරමින් ලියාපදිංචි වෛද්‍යවරයකුගෙන් ලබාගත් වෛද්‍ය සහතිකයක් සමග ඉල්ලුම් කළ යුතුය.
