වසරේ මේ දක්වා ඩෙංගු මරණ 19 ක්

වසරේ මේ දක්වා ඩෙංගු මරණ 19 ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.  මේ දක්වා වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 34 දහස් 905 කි.  ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.  එම සංඛ්‍යාව 16 දහස් 879 කි.  එය ප්‍රතිශතයක් ලෙස 42 යි දශම 2 කි.  ඒ අනුව මෙරට ඩෙංගු අවදානම වැඩිම දිස්ත්‍රික්කය බවට කොළඹ දිස්ත්‍රික්කය පත්ව තිබේ.  මීළඟට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.  යාපනය ඩෙංගු අවදානම් සහිත තුන්වැනි දිස්ත්‍රික්කය බවට පත්ව තිබේ.  සමස්ත රෝගීන්ගෙන් සියයට 10 කට අධික සංඛ්‍යාවක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තාවෙයි.  වසරේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජනවාරි මාසයේදීය.  ඩෙංගු රෝගය වළක්වා ගැනීම සඳහා ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන විනාශ කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )