ගෝලීය න්‍යෂ්ටික අවි අහෝසි කිරීමේ ජාත්‍යන්තර සංසදයක් ලබන වසරේදී
ගෝලීය න්‍යෂ්ටික අවි අහෝසි කිරීම වෙනුවෙන් ලබන වසරේදී ජාත්‍යන්තර සංසදයක් පැවැත්වීමට ජපානය තීරණය කරයි. න්‍යෂ්ටික අවි අහෝසි කිරීමේ ජපාන ව්‍යාපාරය ටෝකියෝ හිදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව නිවේදනය කළේය. අදාළ සංසදය ලබන වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. න්‍යෂ්ටික අවිවල අමානුෂිකත්වය හා පරමාණු බෝම්බවලින් දිවි ගලවාගත් පිරිසට සහාය දීම වැනි තේමා ඔස්සේ අදාළ සමුළුව පැවැත්වීමට නියමිතයි. එම සාකච්ඡා සඳහා රජයේ නිලධාරීන්ට හා ගෝලීය විශේෂඥයින්ට ආරාධනා කිරීමට ජපානය සූදානමින් සිටියි. න්‍යෂ්ටික ප්‍රහාරවල බලපෑම පෙන්නුම් කිරීම සඳහා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත. හිරෝෂිමා හා නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරවලට ලබන වසරේදී වසර 80 ක් සම්පූර්ණ වෙයි.
CATEGORIES විදෙස් පුවත්