පෙරපාසල් ගුරුවරුන් සඳහා මැටි ආශ්‍රිත නිර්මාණ පුහුණුවක්
පෙරපාසල් ගුරුවරුන් සඳහා මැටි ආශ්‍රිත නිර්මාණ පුහුණුවක් ලබාදීම අනුරාධපුර ශාන්ත ඇන්ඩෘ පරිශ්‍රයේදී පසුගියදා සිදුවිය. එම ගුරුවරුන් නිෂ්පාදකයින් බවට පත්කිරීම හා දරුවන්ගේ සුහුරු කුසලතා ඔප්නැංවීම මෙහි අරමුණයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සහාය ද ඒ සඳහා ලැබී තිබේ. මෙහිදී මැටි ආශ්‍රිත භාණ්ඩ හා ඒ ආශ්‍රිතව ආභාරණ නිර්මාණය කිරීම පිළිබඳ පුහුණුවක් ලබාදීම සිදුවිය. උතුරුමැද පළාත් පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරියේ සංකල්පයක් මත මෙය ක්‍රියාත්මකයි.
CATEGORIES දේශීය පුවත්
