පදික වේදිකා අවහිර වන පරිදි ඇති කණු ඉවත් කර දෙන්නැයි නගරවාසිහු ඉල්ලති
තෙල්දෙණිය, කරල්ලියද්ද හා දිගන යන නගරවල පදික වේදිකා අවහිර වන පරිදි අවිධිමත් ලෙස ස්ථාපිත කර ඇති විදුලි කණු හා දුරකථන කණු ඉවත් කර දෙන්නැයි නගරවාසිහු ඉල්ලා සිටිති. ඒවා මහජනතාවට අවහිර නොවන පරිදි යලි ස්ථාපිත කළ යුතුය. මේ හේතුවෙන් දිගන, තෙල්දෙණිය හා කරල්ලියද්ද යන නගරවල පදික වේදිකාවල ගමන් කිරීමේදී පදිකයෝ දැඩි අපහසුතාවට පත්වෙති. මීට කඩිනම් විසඳුම් ලබාදෙන්නැයි ඔවුහු අදාළ බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
