මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් විරුධත්වයක් නැහැ
පවතින රජය සිය විරුද්ධවාදීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් සිදුකරමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිඳු විරෝධතාවක් නැතැයි සිහිපත් කළ ඒ මහතා, පසුගිය කාලයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට ජීවිත තර්ජන තිබූ බව සඳහන් කළේය.
පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාරියවසම් මහතා මෙම අදහස් පළ කළේය.
CATEGORIES දේශීය පුවත්
