දහම්පාසල් අවසාන විභාගයෙන් වැලිකඩ සුචරිතෝදයේ රැඳවියන් 11 දෙනකු සමත්වෙයි
පසුගිය වසරේදී විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ බෞද්ධ දහම්පාසල් අවසාන සහතික පත්‍ර විභාගයෙන් වැලිකඩ සුචරිතෝදය වැඩිහිටි දහම් පාසලේ රැඳවියන් 12 දෙනෙකු අතරින් 11 දෙනකු සමත් වී ඇත.
අදාල තරඟ විභාගයට පෙනී සිට සමත් වූ රැඳවියන් 11 දෙනාගෙන් 05 දෙනෙකුම මරණීය දණ්ඩනය හිමි වී සිටින අය බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසයි.
සමාජයේ විෂමාචාරි හා නීති විරෝධී ක්‍රියාකාරකම් නිසා නොයෙකුත් සිර දඬුවම් හා චෝදනා ලැබ සිටින රැඳවියන් විධිමත් ලෙස පුනරුත්ථාපනය කර සමාජගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අරමුණයි.
CATEGORIES දේශීය පුවත්
