ශ්‍රි ලංකා ආර්ථිකය ශක්තිමත් කිරිමට අමෙරිකාවේ පුර්ණ සහාය
ශ්‍රි ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඕනෑම සහායක් දීමට අමෙරිකාව සූදානම් බව ශ්‍රි ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චංග් මහත්මිය කියයි. ශ්‍රි ලංකාවට අපනයන වෙළෙඳ ආර්ථිකයක් නිර්මාණය කිරිම සඳහා අවශ්‍ය පුර්ණ සහාය දීමට අමෙරිකාව සූදානමින් සිටින බව ඇය සඳහන් කළේ ජනාධීපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ හමු වූ අවස්ථාවේදිය . ශ්‍රි ලංකාවේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහායක් දීමට එහිදි එකඟත්වය පළ විය. පසුගිය ජනාධීපතිවරණයේදි ජනාධීපති අනුර කුමාර දිසානායක මහතා ලද ජයග්‍රහණය වෙනුවෙන් අමෙරිකානු ජනාධීපති ජෝ බයිඩන් මහතාගේ සුබපැතුම් පණිවිඩය තානාපතිනිය එහිදි ජනාධීපති ලේකම්වරයාට පිළිගැන්වීය. ශ්‍රි ලංකාවේ ආර්ථිකය නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය මගින් සැපයිය හැකි මූල්‍ය සහාය දීමටද සූදානම් බව තානාපතිනිය සඳහන් කළාය. වංචාව , දූෂණය , අක්‍රමිකතා වැලැක්වීම සඳහා ජනාධීපතිවරයා ගෙනයන වැඩපිළීවෙලට මූල්‍ය හා තාක්ෂණික දායකත්වය සැපයීමටද එහිදි එකඟත්වය පළ විය. යහපත් රාජ්‍ය පාලනයක් සඳහා දිය හැකි ඕනෑම සහායක් දෙන බවට තානාපතිනිය ප්‍රතිඥා දුන්නාය. පුනර්ජනනීය බලශක්තිය , අපනයන කෘෂීකර්මාන්තයක් ඇති කිරිම හා ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරිම සඳහා නව ජනාධීපතිවරයා ගෙනයන වැඩපිළිවෙලටද එහිදී සහාය පළ විය. දැනට ක්‍රියාත්මක ග්‍රාමීය පාසල් සඳහා දිවා ආහාර පිරිනැමීමේ වැඩසටහන නාගරික පාසල් වලද ඉදිරියේදි ක්‍රියාත්මක කිරිමට සහාය දෙන බව අමෙරිකානු තානාපතිනිය සඳහන් කළාය.
