ජනාධීපති මාධ්‍ය සම්මාන උළෙල මෙවරත්

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙවර ද සංවිධාන කෙරේ. එය මෙවර පැවැත්වෙන්නේ දෙවන වතාවටයි. පුවත්පත් , ගුවන්විදුලි ,රූපවාහිනි , වෙබ් අඩවි , මාධ්‍ය පර්යේෂණ හා පාසල් මාධ්‍ය යන ක්ෂේත්‍ර සඳහා සම්මාන 50 ක් එහිදි පිරිනැමේ.. පසුගිය වසරේ නිර්මාණ අගයමින් එම සම්මාන පිරිනැමෙනු ඇත. ඊට අමතරව මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ප්‍රවීනයන් සිව්දෙනෙකුට යාවජීව සම්මාන පිරිනැමීමට විධිවිධාන යොදා තිබේ.

විශිෂ්ට ජනමාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරිම උදෙසා ජනමාධ්‍යවේදීන් ඉටු කරන මෙහෙවර ඇගයීම හා ඔවුන් දිරිගැන්වීම අරමුණු කර ජනාධීපති සම්මාන උළෙල සංවිධාන කරන බව බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු , ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා කියයි. 2024 ජනාධීපති මාධ්‍ය සම්මාන උළෙල නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ඔහු සඳහන් කළේ මාධ්‍ය වේදීන් ඇගයීම පිළිබඳව වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද සඳහන් වන බවයි. ඇමති විජිත හේරත් මහතාගේ උපදෙස් අනුව සම්මාන උළෙල සංවිධාන කෙරේ.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )