පොහොර සහනාධාරයේ මූලික අදියර ලබන සඳුදා ඇරඹෙයි

පොහොර සහනාධාරයේ මූලික අදියර ක්‍රියාත්මක කිරිම අම්පාර දිස්ත්‍රික්කයෙන් ලබන සඳුදා ආරම්භ කරන බව ඇමති විජිත හේරත් මහතා කියයි .

ඉන්පසු පොළොන්නරුව, අනුරාධපුරය, මහිංගනය, මහවැලි කලාප ඇතුළු සෙසු ප්‍රදේශවල ගොවි ජනතාවට එම සහානාධාරය පිරිනැමීමට නියමිතයි.

පළමු අදියරේදි රුපියල් 15 දහසක් ද , දෙවන අදියරේදී රුපියල් 10 දහසක් ද වශයෙන් රුපියල්  25 දහසක සහනාධාරයක් ගොවීන්ට හිමි වෙයි .

පොහොර සහනාධාරය සඳහා රුපියල් කෝටි 200 ක් වෙන් කර ඇතැයි ඇමතිවරයා කියයි.

ධීවර ජනතාවට ඉන්ධන සහනාධාරය පිරිනැමීම සඳහා දිවයින පුරා ලියාපදිංචි ධිවර ජනතාවගේ නාමලේඛණ සකස් කිරිම මේ වනවිට ආරම්භ කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )