සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හෙට මැතිවරණ කොමිසමට

සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් හෙට මැතිවරණ කොමිසමට

සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් හෙට මැතිවරණ කොමිසම වෙත කැදවා ඇතැයි එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියයි. ඉදිරි ජනාධිපතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීම එහි අරමුණයි. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම‘පත් භාර ගැනීම ලබන සදුදායින් අවසන් වන බව රත්නායක මහතා කියයි. තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට අයදුම්පත් සම්පුර්ණ කිරීමට අවශ්‍ය ඡන්ද හිමි නාමලේඛණයට අදාළ තොරතුරු මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියේ දැක්වෙයි.

ඉදිරි ජනපතිවරණය සඳහා මේවන විට අපේක්ෂකයින් දසදෙනෙකු ඇප මුදල් බාර දී තිබේ. ඊයේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් විජේදාස රාජපක්ෂ මහතා එක්සත් සමාජවාදී පක්ෂය වෙනුවෙන් සිරිතුංග ජයසුරිය මහතා රුහුණු ජනතා පෙරමුණ වෙනුවෙන් අජන්ත ද සොයිසා මහතා ඇප මුදල් භාරදුන්හ. ඡන්ද හිමියෙකු නාම යෝජනා කල අපේක්ෂකයෙකු වන කේ කේ පියදාස මහතාද ඊයේ ඇප මුදල් තැන්පත් කල බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )