
මෙරට විදේශ ප්‍රේෂණ ඉහලට
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස හය තුළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 11 යි දශම 3 කින් ඉහල ගොස් ඇතැයි මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
පසුගිය වසරේ මුල් මාස හය තුළ ලැබි ඇති ඇමෙරිකානු ඩොලර් 282 කෝටි 30 ලක්‍ෂයක් වු ප්‍රේෂණ ප්‍රමාණය මෙම වසරේ එම කාලයේදී ඩොලර් 314 කෝටි 40 ලක්‍ෂය දක්වා ඉහල ගොස් තිබේ.
සංචාරක ඉපයීම් සියයට 80 කින් වර්ධනයවී ඇති අතර එමගින් උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් 155 කෝටි 70 ලක්‍ෂයකි.
මෙම කාලයේදී අපනයන සියයට 4 යි දශම 7 කින් ඉහල ගොස් ඇතැයි රාජ්‍ය ඇමතිවරයා කියයි’ ආනයන සියයට 6 යි දශම 4 කින් වර්ධනයවී තිබේ.
ආයෝජන භාණ්ඩවල වර්ධනය සියයට 24 යි දශම 7 කි. එම කාලය තුළදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව සියයට 7 යි දශම 1 කින් ඉහල ගොස් ඇත.
CATEGORIES දේශීය පුවත්
