
වැවිලි භෝග අපනයනයෙන් ඩොලර් කෝටි ගණනක ආදායමක්
තේ, පොල්, රබර්, කරාබු හා ගම්මිරිස් යන වැවිලි භෝග අපනයනයෙන් මේ වසරේ මුල් මාස 4 තුළ අමෙරිකානු ඩොලර් එකසිය 11 කෝටි 80 ලක්‍ෂයක අපනයන ආදායමක් ලැබී තිබේ.
පසුගිය වසරේ අදාල කාලය හා සැසදීමේදී එය ඩොලර් 23 කෝටි 40 ලක්‍ෂයක වර්ධනයකි.
ඇමති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂීකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ පසුගියදා පැවැති සාකච්ඡාවකදි එම තොරතුරු හෙලිවිය.
CATEGORIES දේශීය පුවත්
