
සියලුම පාසල් ශීෂ්‍ය ශීෂ්‍යාවන්ට යළිත් සුරක්‍ෂා රක්‍ෂණය
සියලු රජයේ පාසල් රජයේ අනුමත පාසල් පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වල ඉගෙනුම ලබන ශීෂ්‍ය ශීෂ්‍යාවන්ට වසර 3ක කාලයක් සදහා සුරක්‍ෂා සිසු රක්‍ෂණය පිරිනැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි. එය ඊයේ සිට ක්‍රියාත්මක වෙයි.
සුරක්‍ෂා රක්‍ෂණය වෙනුවෙන් රුපියල් කෝටි 7112ක මුදලක් ආයෝජනය කරන බව ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව එක්ව සුරක්‍ෂා සිසු රක්‍ෂණාවරණය ක්‍රියාත්මක කරයි. අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් එහි ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ගිවිසුමට අත්සන් තැබු අතර ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව වෙනුවෙන් ඊට අත්සන් තැබුවෙ‘ එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත පෙරේරා මහතායි.
මෙම රක්‍ෂණාවරණයෙන් රජයේ හෝ පෞද්ගලික රෝහල් නේවාසික ප්‍රතිකාර සදහා ප්‍රතිලාභ ලෙස රුපියල් ලක්‍ෂ 3ක්දි බාහිර ප්‍රතිකාර සදහා ප්‍රතිලාභ වශයෙන් රුපියල් විසි දහසක්ද අසාධ්‍ය රෝග ප්‍රතිලාභ ලෙස රුපියල් ලක්‍ෂ 15 ක්ද පිරිනමන බව අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.
අනතුරු රක්‍ෂණාවරණයෙන් පුර්ණ සදාකාලික අකර්මන්‍යතාවයකදී රුපියල් ලක්‍ෂ 2ක්ද සදාකාලික අර්ධ අකර්මන්‍යතාවයකදී රුපියල් එක්ලක්‍ෂ 50 දහසක්ද තාවකාලික අකර්මන්‍යතායකදී රුපියල් 25 දහසේ සිට රුපියල් ලක්‍ෂය දක්වාද ප්‍රතිලාභ හිමිවෙයි.
ජිවිත රක්‍ෂණාවරණය යටතේ වාර්ෂික ආදායම එක්ලක්‍ෂ 80 දහසකට වඩා අඩු පවුල්වල සිසුන්ට අමතරව අස්වැසුම වැඩසටහනට අයත් පවුල්වල සිසුන්ගේ මව‘පිය නිත්‍යානුකුල භාරකරු වියෝවකදි සිසු දරුවෙකු සදහා රුපියල් 75 දහසක් හිමිවෙයි.
එක් මරණයක් වෙනුවෙන් වෙන්කරන උපරිම මුදල දෙළක්‍ෂ 25 දහසක් බව ඇමතිවරයා පැවසීය. පවුලේ සියලු සිසුන් අතර එම මුදල සමානව වෙන්කෙරේ මව්පියන් දෙදනාගේම හෝ නිත්‍යානුකුල භාරකරුගේ මරණ සදහා වෙන් වෙන් වශයෙන් එම රක්‍ෂණාවරණය හිමිවෙයි.
මෙම රක්‍ෂණාවරණය සදහා පාසල් සිසුන්ට නොමිලේ කාඩ්පතක් ලැබෙන අතර එම රක්‍ෂණවරණය ඩිජිටලකරණය කර තිබීම විශේෂත්වයකි’
