
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය විශේෂ ව්‍යාපෘතියක් ලෙස නම් කෙරේ
කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්ත ව්‍යාපෘතිය විශේෂ ව්‍යාපෘතියක් ලෙස නම් කෙරේ. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා එම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.
මෙම පර්යන්තය අදියර වශයෙන් සංවර්ධනය කර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය ඇති බහලුම් පර්යන්තයක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා 2021 වසරේ පෙබරවාරි පළමුවැනිදා පැවති ඇමති මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය දී තිබුණි.
ඊට අදාල ඉදිකිරීම් කටයුතු දැන් සිදු කෙරෙමින් පවතී. කොළඹ වරායේ පුද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවන් සහ සේවා සැපයුම්කරුවන් හට උපායමාර්ගික සංවර්ධන පනත සහ ආයෝජන මණ්ඩල නීතිය යටතේ විවිධ බදු සහන හිමි වන බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමති විජිත හේරත් මහතා කීවේය.
CATEGORIES දේශීය පුවත්
