වසරේ මුල් මාස 9 දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි 3000 ක්

වසරේ මුල් මාස 9 දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි 3000 ක්

මේ වසරේ පළමු මාස 9 දී අල්ලස් හා දුෂණ සිද්ධි පිළිබඳ පැමිණිලි 3000 කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇතැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

මෙම කාලයේදී දිවයින පුරා වැටලීම් 81 ක් සිදු කර 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් 45 දෙනෙකුම රාජ්‍ය නිලධාරීහු වෙති.  මෙම කාලය තුලදී නඩු පවරා ඇති සංඛ්‍යාව 68 ක් වන අතර නඩු 56 ක් විසඳා ඇත.

මේ වසරේ දී විත්තිකරුවන් 19 දෙනෙකු වරදකරුවන් ලෙස ඔප්පු වී තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )