බ්‍රික්ස් සමුළුව රුසියාවේ දී ඇරඹේ – රටවල් 25 ක රාජ්‍යතාන්ත්‍රිකයෝ ඊට එක් වෙති

බ්‍රික්ස් සමුළුව රුසියාවේ දී ඇරඹේ – රටවල් 25 ක රාජ්‍යතාන්ත්‍රිකයෝ ඊට එක් වෙති

රුසියාවේ කසාන් නුවර පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට ශ්‍රී ලංකාව ද සහභාගි වෙයි.

ඒ සඳහා එක්වුනු විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු නියෝජිත පිරිස ඊයේ රටවල් කිහිපයකම නියෝජිතයන් සමඟ සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇය මෙම සමුළුව ඇමතීමට නියමිතයි.

එමෙන්ම බ්‍රික්ස් හා සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ ඉල්ලුම්පත්‍රය භාර දෙන අතරම ද්විපාර්ශ්වික උනන්දුවක් දක්වන වෙනත් කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරේ.

බ්‍රික්ස් සංවිධානය මෙන්ම එහි නව සංවර්ධන බැංකුවට සම්බන්ධ වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග විධිමත් ලෙස දැන් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.

වසර කිහිපයක සිට නැගී එන වෙළෙඳපොල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගිතාව වෙනුවෙන් බ්‍රික්ස් වැදගත් වේදිකාවක් බවට පත්වී තිබේ.

එහි ප්‍රධාන රටවල් වන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )