
පල්ලේකැලේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ ජය ඉන්දියාවට
ශ්‍රී ලංකා ඛන්ඩායම සමඟ පැවති තුන්වැනි පන්දුවාර විස්සයි විස්ස තරඟය ද ජය ගැනීමට ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය.
මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිඩාංගනයේදී පැවති එම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දිය කණ්ඩායමට සලසා දුන්නේය.
එම කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුඵ 09 ක් දැවී ලකුණු 137 ක් රැස් කළේය.
ලකුණු 138 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 137 ක් රැස් කර ගත්තේය.
කණ්ඩායම් දෙකම සමාන ලකුණු ලැබු බැවින් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කෙරිණ. එහිදී ඉන්දිය කණ්ඩායමට ජය අත්විය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති පන්දුවාර විස්සයි විස්ස තරඟාවලිය තුනට බිංදුවක් ලෙස ජය ගැනීමට ඒ අනුව ඉන්දිය කණ්ඩායමට හැකි විය.
කණ්ඩායම් දෙක අතර එක්දින අන්තර්ජාතික තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිඩාංගනයේදී ලබන සිකුරාදා ඇරඹෙයි.
