අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසු
විස්තීර්ණ ණය පහසුකමේ තුන්වන සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බව අන්තර්ජාතික මුල්‍ය අරමුදල කියයි.
එම අරමුදලේ දුත පිරිස ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරය ඊයේ නිමාවට පත්විය. පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම දුත පිරිස මෙරටට පැමිණියේ පසුගිය මස 25 වැනිදාය.
විස්තීරණ ණය පහසුකමේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිමේ ප්‍රගතිය හා මෑත කාලීන සර්ව ආර්ථික ප්‍රවනතා පිළිබදව සාකච්ජා කිරීම එම සංචාරයේ අරමුණ විය.
ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින බව පීටර් බෘවර් මහතා කියයි.
මෙරට ආර්ථිකය යථාතත්ත්වයට පත්වීම අඛණ්ඩව සිදුවෙයි. උද්ධමනය පාලනයවී තිබේ. දේශිය ණය පොලි අනුපාතිකය ද පහත බැස ඇත. ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ඉහල මට්ටමක පවති. රාජ්‍ය ආදයම ද ඉහල ගොස් ඇතැයි ඔහු සදහන් කරයි.
