මහනුවර ඇසල පෙරහර මංගල්‍ය සඳහා කප් සිටුවීම හෙට
මහනුවර ඇසල පෙරහර මංගල්‍ය හෙට පෙරවරු 4 යි 10 ට යෙදෙන සුබ නැකතින් සතරමහා දේවාලයේ කප්සිටුවීමෙන් ආරම්භ වන බව ශ්‍රී දළදා මාලිගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කියයි.
කප් සිටුවීමෙන් අනතුරුව පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වෙන අතර පලමු කුඹල් පෙරහර විදී සංචාරය කරන්නේ ලබන සෙනසුරාදායි. රන්දෝලි පෙරහර වීථි සංචාරය ආරම්භ වන්නේ ලබන 15 වැනිදායි.
අවසන් රන්දෝලි පෙරහර නිකිනිපුර පසළොස්වක පොහොය යෙදෙන ලබන 19 වැනිදා රාත්‍රියේ විථි සංචාරය කිරීමට නියමිතයි. පසුදා අලුයම සතරමහා දේවාල පෙරහර ගැටඹේ දියකපන තොට වෙත ගොස් දියකපන මංගල්‍ය සිදු කරයි. පසුව දහවල් පෙරහර පැවැත්වීමෙන් මෙවර මහනුවර ඇසල පෙරහර මංගල්‍ය නිමාවට පත්වෙයි.
CATEGORIES දේශීය පුවත්
