පුජ්‍ය ගලබොඩ ඥාණිස්සර නායක ස්වාමින් වහන්සේගේ දේහයට හෙට පස්වරුව දක්වා අවසන් ගෞරව දැක්විය හැකි

කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අපවත්වී වදාළ පුජ්‍ය ගලබොඩ ඥාණිස්සර නායක ස්වාමින් වහන්සේගේ දේහයට හෙට පස්වරු 3:00 දක්වා අවසන් ගෞරව දැක්විය හැකි බව එම විමහාරාධිකාරි පුජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ පවසති.

දේහය මේ වනවිට එම විහාරස්ථානයේ තැන්පත් කර තිබේ.  දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා අතිවිශාල ජනකායක් කොළඹ ගංගාරාම විහාරස්ථානයට පැමිණෙමින් සිටිති.

ආදාහන පුජෝත්සවය විහාරස්ථානය ආශ්‍රිතව රාජ්‍ය අනුග්‍රහය ඇතිව හෙට පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )