ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා ගෙවන පොලි අනුපාතිකය සංශෝධනය කිරීමට අදාල විසදුම් යෝජනා ජනපතිට
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු සඳහා ගෙවන පොලි අනුපාතිකය සංශෝධනය කිරීම සදහා වු විසදුම් යෝජනාවලිය ඇතුලත් වාර්තාව ජනාධිපතිවරයාට භාරදුන් බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
රුවන්වැල්ල ප්‍රදේශයේ පසුගියදා පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළේය.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බහුතරයකගේ ප්‍රධාන ආදායම් මාර්ගය තමන් විශ්‍රාම යාමේදී හිමිවු පාරිතෝෂිතයෝ හෝ බැංකු තැන්පතුවලට ලැබෙන ස්ථාවර පොලියයි.
ණයගත් පිරිස් පසුගිය කාලයේ බැංකු පොලි අනුපාතිකය අඩු කරන්නැයි ඉල්ලීම් කළ බවත්, ඒ අනුව ණය පොලි අනුපාතය අඩු කිරීමේදී නිතැතින්ම බැංකු ස්ථාවර තැන්පතු පොලි අනුපාතිකය පහල ගිය බවත් රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය.
මීට පෙර එවැනි අවස්ථාවලදී රජය කිසියම් ප්‍රතිශතයක පොලි අනුපාතිකයක් එක්කර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිමට ක්‍රියා කළේය .
එලෙස බැංකු වැඩිපුර ගෙවු පොලි සදහා රජය රුපියල් කෝටි 8800 ක් බැංකුවලට ගෙවිය යුතුව ඇතැයි රංජිත් සියඹලාපිටිය රාජ්‍ය ඇමතිවරයා කියයි.
මෙවැනි තත්ත්වයක් හමුවේ ජනාධිපතිවරයා දුන් උපදෙස්වලට අනුව අදාල ගැටඵවට විසදුම් දියහැකි ආකාරය සම්බන්ධයෙන් භාණ්ඩාගාරය සකස් කළ වාර්තාව ජනාධිපතිවරයාට භාරදුන් බව පැවසු රාජ්‍ය ඇමතිවරයා එයට සාධනිය පිලිතුරක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.
