සෝමාලියාවේ මොගඩිෂු අගනුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

සෝමාලියාවේ මොගඩිෂු අගනුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි.  නගරයේ ජනතාව ගැවසෙන වෙරළ තීරයකට එල්ලවු එම ප්‍රහාරයෙන් 32 දෙනෙක් මරණයට පත්වුහ.

තවත් 63 දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන්ගෙන් බහුතරයකගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි. අල් සබාබ් කැරලි කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.

අල්කයිඩා සංවිධානයට සම්බන්ධ එම කැරලි කණ්ඩායම් සෝමාලියාවේ දකුණු හා මධ්‍යම ප්‍රදේශ රැසක පාලනය තමන් සතු කරගෙන සිටි.

ගෙවිගිය වසර 20 තුළ එම කැරලි කණ්ඩායම සෝමාලියානු රජයට එරෙහිව සිදුකළ ප්‍රචණ්ඩක්‍රියා සංඛ්‍යාව ඉමහත්ය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )