කේරලේ නායයාමෙන් මිය ගිය සංඛ්‍යාව 100 කට ආසන්න වෙයි

කේරලේ නායයාමෙන් මිය ගිය සංඛ්‍යාව 100 කට ආසන්න වෙයි

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ඊයේ අලුයම හටගත් දරුණු නායයාමෙන් මිය ගිය සංඛ්‍යාව මේ වනවිට 100 කට ආසන්නවී තිබේ.

තවමත් විශාල පිරිසක් ජලයෙන් කොටුවී සිටින බව වාර්තා වෙයි. ඔවුන් බේරා ගැනීමේ සහන මෙහෙයුම් දැන් ක්‍රියාත්මකයි. එහෙත් තවමත් පවතින ධාරානිපාත වැසි එම මෙහෙයුම්වලට විශාල බාධාවකි.

පාලමක් කඩා වැටිම හේතුවෙන් සහන සේවකයන්ට ගංවතුරෙන් යටවු ප්‍රදේශවලට යාමට නොහැකි තත්ත්වයක් ද පවති.

සහන සේවකයන්ට ආධාර කිරීම සදහා 200 කට අධික යුද හමුදා භට පිරිසක් යොදවා තිබේ.

තුවාල ලැබු 100 කට අධික පිරිසක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. විශාල පිරිසක් අවතැන්ව පසුවන අතර ඔවුන් වෙනුවෙන් මධ්‍යස්ථාන 45 ක් ක්‍රියාත්මකයි. 2018 න් පසුව කේරල ප්‍රාන්තයට බලපෑ දරුණුතම නායයාම මෙය ලෙස සැලකෙයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )