ලෙබනනයේ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති පවසයි

ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා පවසයි.

ශ්‍රී ලාංකිකයෝ 7600 ක් එහි සේවය කරති.  ඔවුන් සමඟ තානාපති කාර්යාලය සමීප සබඳතා පවත්වාගෙන තිබේ.  යුදමය තත්ත්වය පවතින ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයෝ  25 දෙනෙක් සිටිති.  ඔවුන් ද ආරක්ෂිතව සිටින බව තානාපතිවරයා කීවේය.

මේ අතර ඊශ්‍රායලයේ සිට ඩුබායි , අබුඩාබි , නවදිල්ලි හරහා කොළඹට පැමිණෙන ගුවන් යානා සීමා කර  ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානිපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.  එබැවින් ශ්‍රී ලංකාවට සහ ඊශ්‍රායලයට ගමන් කිරීමට  ප්‍රවේශ පත්‍ර ලබා ගෙන සිටි මගීන් ගුවන් තොටුපලට යාමට පෙර සිය ගුවන් වාරයේ වෙනසක් සිදුව ඇද්දැයි පරීක්ෂා කරන ලෙසද ඔහු ඉල්ලා සිටී.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )