බුද්ධශාසනය පෝෂණය කිරීම රජයේ ප්‍රමුඛතම යුතුකමක් හා වගකීමක්
බුදුන් වහන්සේ පෙන්වා දුන් මැදුම් පිළිවෙතේ මාවත යුරෝපීයන්ට සහ සෙසු බටහිර ජාතීන්ට ඉතා ආකර්ශනීය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවති ජර්මනියේ බර්ලින් බෞද්ධ විහාරයේ ශත සංවත්සර උත්සවයට එක් වෙමින් ඔහු මේ බව කීවේය.
යුරෝපයේ බුදු දහම ප්‍රචලිත කිරීමට සහ බර්ලින් බෞද්ධ විහාරයේ ක්‍රියාකාරකම් සඳහා පූර්ණ සහාය ලබා දෙන බවට අග්‍රාමාත්‍යවරයා එහිදී සහතික විය.
බුද්ධශාසනය පෝෂණය කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතම යුතුකමක් හා වගකීමක් ලෙස සලකන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
CATEGORIES දේශීය පුවත්
