මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයෝ අත්අඩංගුවට
මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයෝ 4 දෙනෙක් අත්අඩංගුවට ගැනෙති. යාපනය කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී ඔවුන් සිටි ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගැනිණි.
මේ අතර රුපියල් කෝටි 7 කට අධික වටිනාකමින් යුත් කේරල ගංජා තොගයක් ද කිලිනොච්චිය ඉරමතිවු ප්‍රදේශයේ දී සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය. පුද්ගලයන් තිදෙනෙකුද අත්අඩංගුවට ගැනිණි. ඩිංගි යාත්‍රාවක් ද සිය භාරයට ගත් බව නාවික හමුදාව කියයි.
CATEGORIES දේශීය පුවත්
