
රටේ ආර්ථිකය කඩා නොවැටීමට නම් රජයේ වැඩපිළිවෙල ජයග්‍රහණය කරවිය යුතු බව ජනපති පවසයි
මඩකලපුව දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීහු, සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු සහ නීතිඥ සංගමයේ නියෝජිතයෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවලට සහාය පළ කරති.
මඩකලපුවේදී ඊයේ ජනාධිපතිවරයා හමුවී ඔවුන් මේ බව අවධාරණය කර තිබේ.
රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය ආරම්භ කළ උපායමාර්ගික වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් නැවත පෝලිම් යුගයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.
