සමගි ජනබලවේගය තුල වංචා කරන්නන්ට ඉඩක් නැහැ

සමගි ජනබලවේගය තුල වංචා කරන්නන්ට ඉඩක් නැහැ

වී එෆ්  එස් ගණුදෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1යි දශම දෙකක් ශ්‍රි ලංකාවට අහිමිවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වී එෆ් එස් ගණුදෙනුව නමින් රටේ වීසා නිකුත් කිරීම ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රමවේදයකින් තොරව වෙනත් ආයතනයකට ලබාදීම නිසා එම පාඩුව සිදුවිනි.  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ගණුදෙනුව තහනම් කළ බවද විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේ අද හගුරන්කෙත පැවති සමගි ගොවි බලවේගයේ රැළිය අමතමිනි.

එම ගණුදෙනුව නැවැත්වීමට කටයුතු කලේ තමන් ඇතුලු තම ක්‍රියාකාරි දේශපාලන නියෝජිතයින් බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.  ශ්‍රේෂ්ඨාධිකරණය එම ගණුදෙනුවට අදාළව ලබාදුන් තීන්දුවට සිය ප්‍රණාමය පුදකරන බවත් ප්‍රේමදාස මහතා සදහන් කළේය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ අදහස දැනගැනිමට අවශ්‍ය බවද හෙතෙම පැවසීය.

සමගි ජනබලවේගය තුල හෝ සමගි ජන සන්ධානයතුල වංචා සිදුකරන්නන්ට ඉඩක් නොමැත.  අද වන විට දරුවෝ ලක්ෂ 23 ක් පමණ මන්ද පෝෂණයට ගොදුරු ව සිටිති.

සමගි ජනබලවේග රජයක් යටතේ වගා නොකළ මුඩු ඉඩම් තරුණ ප්‍රජාවට ලබාදෙන බව හා මන්දිර සංස්කෘතියට තිත තබන බවද සජිත් ප්‍රේමාදස මහතා මෙහිදි පැවසීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )