
ලෙබනනයෙන් ඉවත් වන්නැයි රටවල් කිහිපයකින් ලෙබනනයේ සිටින තම වැසියන්ට දැනුම්දීමක්
ලෙබනනයෙන් වහාම ඉවත්වන්නැයි අමරිකාව සහා බ්‍රිතාන්‍ය ලෙබනනයේ රැදී සිටින සිය පුරවැසියන්ට දැනුම් දීමක් කරයි.
ඊශ්‍රායල හමාස් යුද්ධය පූර්ණ මැද පෙරදිග ගැටුමක් දක්වා වර්ධනය වීමේ අවධානමක් මේ වන විට මතුව තිබීම ඊට හේතුවයි.
තවත් රටවල් කිහිපයක් ද ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට තම පුරවැසියන්ට උපදෙස් දි ඇත. ස්වීඩනය , ප්‍රංශය , කැනඩාව සහ ජෝර්දානය එම රටවල් අතර වේ.
මේ අතර මැද පෙරදිග යුද උණුසුම සම්බන්ධයෙන් අදහස් දක්වන අමරිකානු ජනපති ජෝ බයිඩ්න් ප්‍රකාශකර ඇත්තේ ඊශ්‍රායලයෙන් පළිගැනීමේ ඉරානයේ යුද මෙහෙයුම් පසුබසිනු ඇතැයි යන්න තම අපේක්ෂාව බවයි.
CATEGORIES විදෙස් පුවත්
