
ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම සිව් මහා දේවාලයන් වෙත බෙදා දෙයි
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම සඳහා මහනුවර දක්වා වැඩමකරවනු ලැබූ කප සිව් මහා දේවාලයන් වෙත බෙදා දීම මහනුවර විෂ්ණු දේවාලයේදී අද පස්වරුවේ සිදුකෙරුණි.
එම කප අලි ඇතුන් සහිත පෙරහරින් දේවාල වෙත රැගෙන ගියේය.
මෙසේ කපන ලද කප හෙට පෙරවරුවේ සුබ මොහොතින් සිව් මහ දේවාලයන්හි සිටුවීමෙන් පසු සෙන්කඩගල ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය ඇරඹේ.
CATEGORIES දේශීය පුවත්
