විපක්ෂය ලබාදෙන පොරොන්දු ක්‍රියාත්මක කළහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා

විපක්ෂය ලබාදෙන පොරොන්දු ක්‍රියාත්මක කළහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා

විපක්ෂය ලබාදෙන පොරොන්දු දේශපාලන වේදිකාවට සුදුසු වුවත් ඒවා ක්‍රියාත්මක කළහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පවතින තත්ත්වය ඉදිරියට ගෙනයාමට නම් රජය ආරම්භ කර ඇති වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුය.  මෙවර ජනාධිපතිවරණයේදී සියලු දෙනා එක්ව රජයේ වැඩපිළිවෙල ජයග්‍රහණය කරවිය යුත්තේ මේ නිසා බව හෙතෙම කියයි.

දේශපාලනය කිරීමට ද රටේ යහපත් ආර්ථිකයක් පැවතිය යුතුය.  නොමිලේ සපත්තු ලබාදීමෙන් පමණක් රටේ ආර්ථික ප්‍රශ්නවලට විසදුම් නොලැබේ.  ත්‍රිකුණාමලයේ දේශපාලන ක්‍රියාකාරින්ගේ හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීවේය.  අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග කොන්දේසි කඩකළහොත් එම සහන රටට අහිමි වෙයි.

තමන් බලයට පැමිණිවිට ක්‍රියාකරන ආකාරය විපක්ෂය කරුණු ඉදිරිපත් කරමින් සිටි.  ඒවා ක්‍රියාත්මක කළහොත් ආර්ථිකය යලි කඩා වැටෙනු ඇත.  අලුත් ව්‍යාපෘති ආරම්භ කරමින් අපනයන ආර්ථිකයකට යොමුවිය යුතුය.  ඉදිරි වසර පහේදී එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරිම සැලසුමයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව ප්‍රකාශ කළේය.

ඒ අතරම පාර්ලිමේන්තු මන්ත්‍රි මර්ජාන් ෆලීල් ඇතුළු බේරුවල ජනතාවගේ සහාය ලැබි ඇත්තේ ද ජනාධිපතිවරයාටය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )