
තැපැල් ඡන්දයට අයදුම් කිරීමට දී ඇති කාලය අදින් අවසන්
ජනාධිපතිවරණයේදී තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අයදුම් කිරීමට දී ඇති කාල සීමාව අදින් අවසන් වෙයි. අද මධ්‍යම රාත්‍රි 12.00 ට පෙර එම අයදුම්පත් නිසිලෙස සම්පුර්ණ කර තම ප්‍රදේශයේ තේරිම්භාර නිලධාරියා වෙත යොමු කළ යුතු බව මැතිවරණ කොමිසමමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා කියයි.
තැපැල් ඡන්ද හිමි නාම ලේඛණ මේ වනවියට සියලුම දිසා ලේකම් කාර්යාල, ප්‍රදේශිය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරි කාර්යාලවල ප්‍රදර්ශනය කෙරේ.
ඊට අමතරව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, කම්කරු දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යංශය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, තැපැල් මුලස්ථානය, ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංය සහ නාගරික සංවර්ධන අධිකාරියේ ද ප්‍රදර්ශනයට තබා තිබේ.
සියලුම දිස්ත්‍රික්කවල තැපැල් අයදුම්පත් අදාල දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා වෙත යොමු කළ යුතුය.
අයදුම්පත් සියලුම දිසා ලේකම් කාර්යාල, ප්‍රදේශිය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරි කාර්යාලවලින් ලබාගත හැකිය. මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියෙන් ද ඒවා බාගත කර ගැනීමේ හැකියා ව පවති.
