රුසියාවේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට වෙනිසියුලානු ජනාධිපතිරයාටත් ආරාධනා

රුසියාවේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට වෙනිසියුලානු ජනාධිපතිරයාටත් ආරාධනා

ඔක්තෝබර් මාසයේ රුසියාවේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝ හට ආරාධනා කර ඇත.

එමගින් දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි රුසියානු ජනාධිපතිවරයා නිකලොස් මුදුරෝ වෙත ලිපියක් මගින් දන්වා ඇත.

මෙහිදී වෙනිසියුලාවේ ඇති තෙල් හා ගැස් නිධි සංවර්ධනය කිරීමේ අයිතිය බ්‍රික්ස් සංවිධානයේ රටවලට පැවරීමට මදුරෝ උත්සාහ කරනු ඇතැයි වාර්තා වෙයි.

බටහිර රටවල් තම රටට දිගින් දිගටම පිඩාකාරී තත්ත්වයක් ඇති කළහොත් මෙම තීරණය අනිවාර්යෙන් සිදුවන බව වෙනිසියුලානු ජනාධිපතිවරයා කියයි.

මේ අතර, ඉකුත් මස අවසානය වනවිට යුක්රේනයට එෆ් 16 වර්ගයේ ඇමෙරිකානු ප්‍රහාරක යානා 10 ක් ලැබි ඇති බව ද ඉකොනෝමික්ස් පුවත්පත සදහන් කරයි.

මේ අතර, මියන්මාරයේ විශාලතම දේශපාලන පක්ෂය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සදහා රුසියාවෙන් උදව් ඉල්ලා තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )