ජනාධිපතිවරණයට මේ වනවිට අපේක්ෂකයන් 14 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර අවසන්

ජනාධිපතිවරණයට මේ වනවිට අපේක්ෂකයන් 14 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර අවසන්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා මේ වනවිට අපේක්ෂකයන් 14 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඉන් 8 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඇප මුදල් තැන්පත් කර ඇතැයි  මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

වෙනත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයන් ලෙස 6 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇත.  ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ලබන 15  වැනිදා පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා සිදු කෙරේ.

පෙරවරු 11.00 සිට පෙරවරු 11.30 දක්වා පැය භාගයක කාලයක් විරෝධතා ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )