
ඊශ්‍රායලයට එල්ල විය හැකි ඕනෑම ප්‍රහාරයකට දැඩි ප්‍රතිචාර දක්වනවා
හමාස් සංවිධානයේ ඉහළ පෙළේ නායකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එල්ල විය හැකි ඕනෑම ප්‍රහාරයකට දැඩි ප්‍රතිචාර දක්වන බව එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතා අනතුරු අඟවා තිබේ.
හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ මහතා ඉරානයේ සංචාරයක යෙදී සිටියදී පසුගියදා ඝාතනයට ලක් විය.
ඊයේ පැවති කැබිනට් රැස්වීමක දී නෙතන්යාහු මහතා පැවසුවේ ආරක්ෂාව සහ ප්‍රහාරය යන දෙකෙහිම ඕනෑම තත්ත්වයක් සඳහා සුදානම් බවයි.
CATEGORIES විදෙස් පුවත්
TAGS Benjamin Netanyahu
