
ශ්‍රී ලාංකික ධීවරයන් 9 දෙනෙකු සමග ධීවර යාත්‍රා 2 ක් සීෂෙල්ස් ආශ්‍රිත මුහුදේ දී අනතුරට
ශ්‍රී ලාංකික ධීවරයන් 9 දෙනෙකු සමග ධීවර යාත්‍රා 2 ක් සීෂෙල්ස් ආශ්‍රිත මුහුදේ දී අනතුරට ලක්ව ඇතැයි සීෂෙල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
පසුගිය 30 වැනිදා දික්ඕවිට වරායෙන් සෝමාලියාව බලා යාත්‍රා කළ බ්ලූ ඕෂන් 2 සහ බ්ලූ ඕෂන් 6 නමැති යාත්‍රා මෙලෙස අනතුරට පත්ව ඇත.
ඩුබායි හි පදිංචි ව්‍යාපාරිකයෙකු මෙම බෝට්ටු මිලදී ගෙන ශ්‍රී ලාංකිකයන් සමග සෝමාලියාවේ සිට ධීවර කටයුතු සඳහා යෙදවීමට සැලසුම් කර තිබූ බව එම තානාපති කාර්යාලය සඳහන් කරයි. මේ වනවිට එම යාත්‍රා සතුව තිබු ආහාර, ජලය සහ ඉන්ධන අවසන් වී ඇත.
මෙම ධීවරයන් මුදා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ වනවිට එරට වෙරලාරක්ෂක බලකායේ මුදා ගැනීමේ යාත්‍රාවක් එම මුහුදු ප්‍රදේශයට යාත්‍රා කරමින් තිබේ.
CATEGORIES දේශීය පුවත්
