
අපවත්වී වදාළ පුජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමින් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පුජෝත්සවය අද විහාරස්ථ ආදාහන මලුවේදී
හුණුපිටිය ගංගාරාම මහ විහාරාධිපති අපවත්වී වදාළ පුජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමින් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පුජෝත්සවය එම විහාරස්ථ ආදාහන මලුවේදී අද සිදුකෙරේ. ඒ පිළිබඳ සජීව විස්තර ප්‍රචාරයක් ගෙන ඒමට ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශීය සේවය සූදානමින් සිටියි. එය අද පස්වරු 4.00 ට ආරම්භ වෙයි.
ආදාහන පූජෝත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය කියයි. ඒ අනුව අද පස්වරු 2:00 සිට රාත්‍රි 8:00 දක්වා කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරේ. ධර්මපාල මාවත . ශ්‍රිමත් ජේම්ස් පිරිස් මාවත හා කොම්පඤ්ඤවිදිය ආශ්‍රිත තවත් මාර්ග කිහිපයක එලෙස රථවාහන ධාවනය සීමා කෙරෙනු ඇත. ආදාහන පුජෝත්සවය සදහා පැමිණෙන ජනතාවගේ රථ වාහන නැවැත්වීම සදහා අල්ටෙයාර් ගොඩනැගිල්ල පිටුපස භුමියේ පහසුකම් සලසා තිබේ. ගංගාරාම විහාරස්ථානයට ඇතුළුවන සියලු වාහන ජේම්ස් පිරිස් මාවත හා ජිනරතන මාවත මංසන්ධියෙන් පමණක් ඇතුළු විය යුතුය. ඩෝර්සන් විදීයෙන් ජිනරතන මාවතට ඇතළුවීය නොහැකිය. ජිනරතන මාවතේ වාහන ගමනාගමනය එක් දිශාවකට පමණක් සිදුවන බව පොලිසිය නිවේදනය කරයි.
