
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ වැඩපිළිවෙල ලබන 15 වැනිදායින් පසු
විශේෂ මැතිවරණ වැඩපිළිවෙලක් ලබන 15 වැනිදායින් පසු ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදි එම පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රි අසංක පෙරේරා මහතා කියා සිටියේ දේශීය ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර සාර්ථක කර ගැනිමට වත්මන් ජනාධීපතිවරයාගේ වැඩපිළිවෙල හේතු වී ඇති බවයි.
එමඟින් බිඳ වැටුණු ව්‍යාපාර යලි ගොඩනැඟිමට සහ ව්‍යවසාය ආරම්භ කිරිමට හැකිවිය. මෙරට දළ දේශිය නිෂ්පාදනයද වර්ධනය වී ඇතැයි ඔහු කීවේය.
CATEGORIES දේශීය පුවත්
