ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා ඇප මුදල් තැන්පත් කරයි

ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා ඇප මුදල් තැන්පත් කරයි

ජනාධිපතිවරණය සඳහා ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කෙරිණි. වෘත්තියවේදී ධම්මික රත්නායක මහතා එම ඇප මුදල් අද තැන්පත් කළේය.

මේ අතර  ඒකාබද්ධ ස්වාධීන වෘත්තිය සමිති කේන්ද්‍රයේ ජනාධීපතිවරණ අපේක්ෂකයෙකු සඳහා ස්වාධින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සිරිපාල අමරසිංහ මහතා ඉදිරිපත්  කිරිමට තීරණය කර තිබේ . ඒ අනුව ඔහු වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කෙරිණි.

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනිම අදින් අවසන් වෙයි .  අදාල අයදුම්පත් සම්පුර්ණ කර ආයතන ප්‍රධානියා සහතික කිරිමෙන් පසු මැතිවරණ කාර්යාලයට යොමු කළ යුතුය. ජනාධීපතිවරණය වෙනුවෙන් මේ දක්වා අපේක්ෂකයන් 14 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )