
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට එක්කෝටි 71 ලක්ෂයක් සුදුසුකම් ලබති
ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් එක්කෝටි 71 ලක්ෂ 40 දහස් 354 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමිසම කියයි. 2024 ඡන්ද හිමි නාමලේඛණය මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 17 ලක්ෂ 65 න් දහස් 321 දෙනෙකු ද , ගම්පහ දිස්ත්‍රික්කයේ 18 ලක්ෂ 81 දහස් 129 දෙනෙකු ද , කළුතර දිස්ත්‍රික්කයේ දසලක්ෂ 24 දහස් 244 දෙනෙකු ද සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයන් සංඛ්‍යාව 14 ලක්ෂ 17 දහස් 226 කි.
ඡන්ද හිමියන්ට තැපෑලෙන් ලැබෙන නිල ඡන්ද දැන්වීම් පතෙහි සඳහන් ඡන්ද මධ්‍යස්ථානයෙන් පරිබාහිරව වෙනත් මධ්‍යස්ථානයක දී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු හැකියාවක් නැතැයි මැතිවරණ කොමිසම අවධාරණය කරයි. ඡන්ද හිමියන්ට රටේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයක දී ඡන්දය ප්‍රකාශ කළ හැකි බවට පැතිර යන පුවත් කොමිසම තරයේ ප්‍රතික්ෂේප කරයි. තැපැල් ඡන්ද හිමියෙකුට තමාගේ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේදී ඔහු ඉදිරියේ තම ඡන්දය ප්‍රකාශ කළ හැකිය. 2024 ඡන්ද හිමි නාම ලේඛණයේ ලියාපදිංචි ඡන්ද හිමියන්ගේ ලිපිනයට ඡන්ද හිමියාගේ නම . ඡන්දය ප්‍රකාශ කළ හැකි මධ්‍යස්ථානය සඳහන් කර නිල ඡන්ද දැන්වීම් පතක් තැපෑලෙන් ලැබෙනු ඇත.
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගන්නා කාල සීමාව ලබන සිකුරාදා මධ්‍යම රාත්‍රි 12 දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි. එම කාලසීමාව ඊයේ මධ්‍යම රාත්‍රි 12 ට අවසන්වීමට නියමිතව තිබිණි. තැපැලේදී සිදුවිය හැකි ප්‍රමාදවීම් සහ ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. එබැවින් තැපැල් ඡන්ද අයදුම්පත්‍ර අදාළ දිනයට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලැබිය යුතුය. කිසිදු හේතුවක් මත මෙම දිනය නැවත දීර්ඝ නොකරන බව ද අවධාරණය කෙරේ. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සඳහා අයදුම්කරුවන්ට ලියාපදිංචිය සඳහා වන අයදුම්පත් කොමිසමේ නිල වෙබ් අඩවිය වන www.election.gov.lk වෙත ඇතුලත් කර තිබේ.
