ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගන්නා කාලසීමාව දීර්ඝ කෙරේ

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගන්නා කාලසීමාව දීර්ඝ කෙරේ

තැපැල් ඡන්ද යොමු කිරීමේ දී ඇති වන ප්‍රමාද වලක්වා ගැනීම සඳහා ලබන බ්‍රහස්පතින්දා හා සිකුරාදා දෙදින තුල තැපැල් ඡන්ද අයදුම්පත් එක් එක් මැතිවරණ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ගොස් භාර දෙන ලෙස කොමිසම දැනුම් දී ඇත.

ඉදිරි ජනාධිපතිවරණය  සදහා මේ වනවිට  අපේක්ෂකයන් 17  දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, වෘත්තීයවේදී ධම්මික රත්නායක  සහ ස්වාධීන අරුණළු ජනතා පෙරමුණ වෙනුවෙන් කේ ආර් ක්‍රිෂාන් යන මහත්වරු ඊයේ ඇප මුදල් තැන්පත් කළහ.  දැනට ඇප මුදල් තැන්පත් කර ඇති 9 දෙනෙකු  පිලිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරන අතර, සෙසු පිරිස වෙනත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඇප මුදල් තැන්පත් කර තිබේ.  ලබන 15 වැනිදා පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා නාමයෝජනා භාරගන්නා බව මැතිවරණ කොමිසම කියයි.  එදින  පෙරවරු 11 සිට 11 යි 30 දක්වා විරෝධතා ඉදිරිපත් කල හැකිය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )