වසර 24 කට පසුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ඔලිම්පික් මීටර් 400 අවසන් පූර්ව වටයට

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙලේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරගයට අරුණ දර්ශන අද සහභාගි වෙයි.  ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11 යි 05 ට තරගය ඇරඹෙයි.

මෙම අවසන් පූර්ව වටයේ තරගයට ලොව අතිදක්ෂ ක්‍රීඩකයෝ 24 දෙනෙක් සහභාගි වෙති.  ඔලිම්පික් මීටර් 400 මූලික වටයේ තරගයේදී අරුණ දර්ශන එම ඉසව්වේ දෙවන වටයට සුදුසුකම් ලැබීය.  තත්පර 44 යි දශම 9 යි 9 ක කාලයක් ගත කර ක්‍රීඩකයන් 46 දෙනෙකු අතරින් 17 වන ස්ථානයට පැමිණීමට ඔහුට හැකි විය.

2000 දී සිඩ්නි ඔලිම්පික් උලෙලේ සුගත් තිලකරත්න මූලික වටය තත්පර 45 යි දශම 5 යි 4 කින් දෙවන වටයට සුදුසුකම් ලැබීමෙන් පසු එම ඉසව්වේ දෙවන වටයට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා අරුණ දර්ශනයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )