දීර්ඝ කාලයකින් කිසිදු පිළිසකර නොවූ මාර්ග පිළිසකර කිරීමේ වැඩපිළිවෙලක්
තේ වතුවල ඇති දීර්ඝ කාලයකින් කිසිදු පිළිසකර කිරීමට ලක් නොවූ මාර්ග පිළිසකර කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් අරඹන්නැයි ඇමති මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දෙයි. මණ්ඩලය සතු මුදල් ඒ සඳහා යෙදවෙනු ඇත.
නෙලන තේ දළු කර්මාන්ත ශාලා වෙත ප්‍රවාහනය කිරීමේ දී මාර්ගවල ඇති අයහපත් තත්ත්වය හේතුවෙන් තේවල ගුණාත්මක බවට හානි සිදු වන බව පෙනී ගොස් තිබේ. අදාල වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ ඒ අනුවයි.
CATEGORIES දේශීය පුවත්
