පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ක්‍රියාකරන්න

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ක්‍රියාකරන්නැයි නීතිපතිවරයා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දෙයි.

ඒ සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලා කතානායකවරයා  තමා වෙත යොමුකර ඇති ලිපියට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා ඒ  බව සදහන් කර තිබේ.

දේශබන්ධු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරයේ කටයුතු කිරිම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කලේය.

එම ගැටලුව අගවිනිසුරුවරයා සහ කතානායකවරයා සාකච්ඡා කර විසදාගත යුතුය යන්න ජනාධිපතිවරයාගේ ස්ථාවරය විය.

එහෙත් කතානායකවරයා ප්‍රකාශ කර තිබුනේ ඒ පිලිබද අගවිනිසුරුවරයා සමග සාකච්ඡා කිරිම සදහා කිසිදු නෛතික පදනමක් නොමැති බවයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )