රනිල් වික්‍රමසිංහ අභියෝග භාර ගනිමින් ඒවා ජයගත් නායකයෙක්
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අභියෝග භාර ගනිමින් ඒවා ජයගත් නායකයෙකු බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුර්ණ සහයෝගය ඔහුට ලබාදෙන බව හෙතෙම කියයි. රටේ නායකත්වය භාරගන්නා ලෙස විපක්ෂ නායකවරයාගෙන් මෙන්ම අනුර කුමර දිසානායක මහතාගෙන්ද ඉල්ලීමක් කළේය.
එහෙත් ඔවුන් දෙදෙනාම අර්බුද අවස්ථාවේ ඊට ඉදිරිපත් නොවු බව අමරවීර මහතා කියයි. පසුගිය වසර දෙකේදී රට සෑම අංශයකින්ම ඉදිරියට ගෙනයාමට ජනාධිපතිවරයා ක්‍රියාකොට තිබේ.
CATEGORIES දේශීය පුවත්
