මෙරට ධාවනය වන වාහනවලින් 1/5 වායු විමෝචන මධ්‍යස්ථානවලදී අසමත් වෙයි

මෙරට ධාවනය වන වාහන ලක්ෂ 58 අතරින් 11 ලක්ෂ 60 දහසක් පමණ  වායු විමෝචන මධ්‍යස්ථානවලදී අසමත් වන බව අනාවරණ වෙයි.

වාහන නිසිලෙස නඩත්තු නොකිරීම මීට හේතුව බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියයි.  දිවයිනපුරා ඇති වායු විමෝචන මධ්‍යස්ථාන සංඛ්‍යාව 464 කි.

තවත් මාස දෙකකින් වායු විමෝචන සහතිකය. රක්ෂණ සහතිකය සහ වාහන ආදායම් බලපත්‍රය එකම ස්ථානයකින් ගතහැකි ආකාරයේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටී.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )