ඉන්දු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ඉන්දු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ඉන්දු – ශ්‍රී ලංකා වරණීය වෙළඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.  ඒ අනුව 2025 වසරේ මාර්තු මාසයේ දී එකී වෙළඳ ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි.  මේ වසරේ දෙසැම්බර් මාසය වන විට ඊට අදාළ සාකච්ඡා අවසන් කරන බව අමාත්‍යවරයා පැවසීය.   මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

රාජ්‍ය සේවාවන්හි කාර්යක්ෂමතාවය හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රජය සැලසුම් කරයි.  ඒ වෙනුවෙන් රාජ්‍ය ආයතනවල තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට නියමිතයි.  ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇතැයි ගුණවර්ධන මහතා සදහන් කළේය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )