
පැහැපත් අනාගතයක් සදහා තිරසර මංපෙත්
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛ රට විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පුනර්ජනනිය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම , කෘෂිකර්මාන්තය නවීකරණය හා ජල හිඟයට විසදුම් ලබාදීම වැනි කඩිනම් ක්‍රමවේද මගින් 2040 වසර වනවිට තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගත යුතුය. ඒ සදහා ශුද්ධ කාබන් විමෝචන තත්ත්වය ලගාකර ගැනීමට ශ්‍රී ලංකාව සුදානම් බව ජනාධිපතිවරයා පැවසීය.
වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේ කොළඹදී අද ආරම්භ වු 2024 පරිසර සමාජීය හා පාලනය පිළිබඳ සමුළුව අමතමිනි. කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධි ආදි විද්‍යාර්ථින්ගේ සංගමය මෙය සංවිධාන කළේය.
පැහැපත් අනාගතයක් සදහා තිරසර මංපෙත් යන්න මෙවර එහි තේමාවයි. වාණිජමය ආයෝජන මගින් ගෝලීය මුල්‍ය පහසුකම් ආකර්ෂණය කර ගැනීම අරමුණයි. වැවිලි ක්ෂේත්‍රය වතු ව්‍යාපාරවල සිට කෘෂි ව්‍යාපාරය දක්වා පරිවර්තනය කළ යුතුය.
තිරසර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ නිෂ්පාදන වැඩිදියුණු කිරීමට ඩිජිටල්කරණය ක්‍රියාවට නංවා තිබේ. කොරෝනා වසංගතයෙන් පසු රට යථාතත්ත්වයට පත්වෙමින් ඇත. චීනයේ ආර්ථිකය තවමත් උපරිමයෙන් ක්‍රියාත්මක නොවෙයි. ඒ සදහා තවත් වසර කිහිපයක් ගතවනු ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
