බංග්ලාදේශ හමුදා ප්‍රධානියා දේශපාලන නායකයන් හා විරෝධතාවලට සම්බන්ධ කණ්ඩායම් හමුවෙයි
බංග්ලාදේශ හමුදා ප්‍රධානියා එරට දේශපාලන ප්‍රධානීන් හා විරෝධතාවලට සම්බන්ධ කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වයි. එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අතර අන්තර්වාර රජයක් පිහිටුවා තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් විය. එරට මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට පසුගිය සදුදා ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් මරණයට පත්ව ඇති සංඛ්‍යාව සියය ඉක්මවයි.
විරෝධතා ආරම්භ වු දා සිට මේ දක්වා දිනක් තුළ වාර්තා වු වැඩිම මරණ සංඛ්‍යාව එයයි. විරෝධතාකරුවන් පොලිස් ස්ථාන කිහිපයකටද පහර දී තිබේ. ගැටුම් හේතුවෙන් මේ දක්වා මියගිය සංඛ්‍යාව 400 ඉක්මවයි.
CATEGORIES විදෙස් පුවත්
